කහතුඩුව ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 13 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.
කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ, ඔවුන් අතරේ එකම පවුලේ පුද්ගලයින් 7 දෙනෙකු සිටින බවය.
පොල්ගස්ඕවිට, වෑතර ප්‍රදේශයේ පාසල් ගුරුවරියකට පසුගිය 25 වන දින කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබුණි.
පසුව ඇයගේ ආශ්‍රිතයින්ට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී තවත් 7 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
අදාළ ගුරුවරියගේ මව, පියා, සැමියා, සහෝදරිය, සහෝදරයින් දෙදෙනා සහ අවුරුදු 5 ක් වයසැති දියණිය මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
ඊට අමතරව කහතුඩුව නගරයේ සිදුකළ අහඹු පී.සී.ආර් පරීක්ෂණවලින් තවත් පුද්ගලයින් පිරිසක් කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.






