Press "Enter" to skip to content

වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කෙරේ

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ 02 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණපරිදි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, වරාය අධිකාරිය සපයනු ලබන සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස සැලකිල්ලට ගනිමින් ඉදිරි කටයුතු සිදුකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයෙන් දක්වා ඇත.

More from GossipMore posts in Gossip »