Press "Enter" to skip to content

ආසාදිතයින් 892ක් සමග කොවිඩ් මරණ 07

දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 892 දෙනෙකු අද දිනයේදී වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

අද වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 61,568ක් වන අතර රෝහල් ගතව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 6854ක්. සුවය ලබා ඇති පිරිස 54,435ක්.

අද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගෙන් 40 දෙනෙකු විදේශ ගතව සිට පැමිණි අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.

එලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජයේ සිට පැමිණි 33 දෙනෙකු සහ ජෝර්දානයේ සිට පැමිණි පුද්ගලයින් 07 දෙනෙකුටය.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තවන දෙවන කොරෝනා රැල්ලෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 57,630ක්.

මේ අතර අද දිනයේදී තවත් කොවිඩ් මරණ 07ක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 297ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටින්නේ.

More from GossipMore posts in Gossip »