‘‘අපි හරිම ආසයි සිංහල ඉගෙන ගන්න ඒත් අපේ ඉස්කොලෙට සිංහල ගුරුවරයෙක් නෑ. අපේ විදුහලට සිංහල ගුරුවරයෙක් ලබා දෙන්න උදවු කරන්න.‘‘ යාපනේ ඔඩ්ඩුසුඩාන් විද්‍යාලයේ දෙමළ සිසුවියක් පසුගියදා මේ ඉල්ලීම කළේ මුලතිව් ආඥාධිපතිතුමන්ගෙන්.
යාපනේ ඔඩ්ඩුසුඩාන් විද්‍යාලයට යුද හමුදාවෙන් පාසල් පොත් බෙදා දීමේ උත්සවයේදී සිංහල භාෂාව ඉතා ව්‍යක්ත ලෙස හසුරුවමින් කතා කළ මෙම සිසුවිය මෙම ඉල්ලීම කළේය.
23 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුවේ ප්‍රජා සත්කාර සේවාවක් ලෙස මේජර් බුද්ධික අතරුවල මහතාගේ මූලිකත්වය මෙම පොත් බෙදා දීම සිදු කළේය. මේ සඳහා ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව කැනඩාව වැනි විදේශයන්හී පදිංචි ශ්‍රී ලාංකිකයින් මෙන්ම වත්තල ප්‍රදෙශයේ පදිංචි අයෙක්ද අනුග්‍රහ දක්වා ඇත.






