Press "Enter" to skip to content

මත්වෙන පැණියකුත් ඇවිත්

මෙරටින් ප්‍රථම වරට හඳුනාගත් ‘හෑෂ්’ නමැති මත්ද්‍රව්‍ය පැණි කිලෝවක් සමග සැකකරුවකු පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකය මගින් මහරගම ඇරැව්වලදී පෙරේදා (27 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ හැටකට අධික වටිනාකමින් යුත් මෙම මත්ද්‍රව්‍ය ඩුබායි රාජ්‍යයේ සිට ලංකාවට එවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඒ සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරු තිස්එක් හැවිරිදි ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි තීන්ත ව්‍යාපාරිකයෙකි.

තරුපහේ හෝටල් සමාජශාලාවලට මෙම සැකකරු මත්ද්‍රව්‍ය බෙදා හැරීම කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරගෙන යයි.

මෙම ජාවාරම් ජාලයේ අනෙකුත් සැකකරුවන් සොයා මිහිඳු මාවත සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකය විමර්ශන කරයි.

More from GossipMore posts in Gossip »