ශ්‍රී ලංකා ක්‍රිකට් හි භෞත චිකිත්සක පෝල් කූරි (Paul Khoury) හා ශාරීරික අභ්‍යාසක ක්‍රිෂාන්ත ගමගේ යන දෙදෙනා අදාළ තනතුරුවලින් ඉවත්කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන ක්‍රීඩකයකුගේ යෝග්‍යතා පරීක්ෂණයේ දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත මොවුන් අදාළ තනතුරුවලින් ඉවත්කර ඇත.
කෙසේවුවද, මේ සිදුවීම සිදුවන විට භෞත චිකිත්සක පොල් කූරිගේ කොන්ත්‍රාත් කාලය ද අවසන්ව තිබූ බව පැවසේ.
මොවුන් විසින් ශරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වූ අදාළ ක්‍රීඩකයාව දත්ත වෙනස් කර ඉන් සමත් කර තිබිණි.
මේ අතර, කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ අභ්‍යාසක ලෙස සිටි එස්. අජන්ත ද අභාසක කටයුතු වලින් ඉවත් කර ඇති බව වෙත වාර්තා වේ.
උපුටා ගැනීම : ශ්‍රී ලංකා මිරර්