නාවුල ප්‍රදේශයේ පදිංචි තරුණියකට කොව්ඩ් 19 අසාදනය වීම හේතුවෙන් ඇයගේ පෙම්වතාද ස්වයං නිරෝධනයට යොමු කිරීමේ පුවතක් අපට වාර්තා උනා.
නාඋල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණියගෙන් දින කිහිපයකට පෙර සෞඛ්‍ය බලධාරීන් විසින් පී.සී.ආර්. සාම්පලයක් ලබා ගෙන තිබෙනවා.
ඒ අනුව ගිය 25දා රාත්‍රියේදී ඇයට කොවිඩ් 19 ආසාදිත බවට සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරගෙන ඇත්තේ.
එම අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් අදාළ තරුණිය දුරකථන මාර්ගයෙන් දැනුවත් කර තිබෙනවා.
එහිදී තරුණිය කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට, ඇය ඒ මොහොතේ සිටින ස්ථානය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් ඇයගෙන් තොරතුරු විමසා ඇත.
බලධාරීන්ට එහිදී අනාවරණය වී ඇත්තේ කොවිඩ් -19 ආසාදිත ඇය එම මොහොතේදී කැකිරාව ප්‍රදේශයේ ලැගුම්හලක තම පෙම්වතා සමඟ සිටින බවයි.
පසුව එම තරුණිය අදාළ ලැගුම්හලේ සිට එම අවස්ථාවේදීම විශේෂ ගිලන්රථයකින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ගෙන්වා ගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුනා.
පසුව තරුණිය සමඟ එහි සිටි බව කියන පෙම්වතාද ස්වයං නිරෝධායනයට යොමුකිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.






