Press "Enter" to skip to content

කොවිඩ් එන්නත් රැගත් ගුවන් යානය කටුනායකට

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස සපයන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් තොගය රැගත් ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළට ළඟා වූ බව වාර්තා වේ.

එම තොගයේ එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අඩංගු වේ.

ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ ඉන්දීය ගුවන් සේවයේ A I – 281 දරන ගුවන් යානය අද පෙරවරු 11.35 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වූ බවය.

මෙම එන්නත් තොගය ඇසුරුම් පෙට්ටි 42 ක බහා රැගෙන ඒමට කටයුතු කර තිබේ.

More from GossipMore posts in Gossip »