Press "Enter" to skip to content

ටයිගැටේ දාගන්න ‘ගහපු ගැටේ’ මංගල සාදයක් රස ගැන්වූ හැටි

ටයි පටියක් පැලඳීමට නොදත් පුද්ගලයකු මංගල උත්සවයකට ගොස් සිදු වූ අකරතැබ්බයක් බදුල්ලෙන් වාර්තා වේ.

සිද්ධිය මෙසේයි,

වයස අවුරුදු 65ක් පමණ වන මෙම පුද්ගලයා සිරිතුංග නමැති විශ්‍රාමික රජයේ නිලධාරියෙකි. දිනක් ඔහුට මංගල උත්සවයක් සඳහා ඇරයුම් ලැබිණ. ඊට සහභාගි වන බොහෝ පිරිසක් ටයි කෝට් පැලඳ පැමිණෙන බව ඔහු අනුමාන කළේය. ටයි පටියක් පැලඳීමට ඔහුටද වුවමනා විය. නමුත් එය පැලඳීමට නොදන්නා බව පැවැසුවොත් එය ලැජ්ජාවක යැයි සිතූ ඔහු ඊට අපූරු උපායක් යෙදීය.

තමා​ගේ වම් අතේ තුවාලයක් ඇති බවට අඟවා එහි වෙලුම් පටියක් බැඳගෙන ටයි පටිය සාක්කුවේ රුවාගෙන ඔහු මංගල උත්සව ශාලාවට ගොස් තිබේ.

වට පිට බැලූ නමුත් අඳුරන කිසිවකු හමු නොවූ නිසා ඔහු තමා ළඟ සිටි පුද්ගලයකුගෙන් ටයි පටිය ගැට ගසන්නට පුළුවන්ද කියා විමසීය. ඊට කැමැත්ත පළ කළ ඔහු ඒ සඳහා ඇඳක් අවශ්‍ය බව පවසා ඇත. ඒ අනුව ඔවුන් මනාලිය සැරසූ කාමරයට ගොස් තිබේ. එම අවස්ථාවේ කාන්තාවන් දෙදෙනකු කාමරයේ සිට ඇති නමුත් ඔවුන්ගේ අවශ්‍යතාවට ඉඩදී ඔවුන් පැත්තකට වී තිබේ.

නමුත් කුකුසක් ඇතිවූ එක් කාන්තාවක් මොකද මේ ටයි පටිය දාන්න මෙයාව ඇඳේ නිදි කරන්නේ යැයි විමසා ඇත. එවිට ආගන්තුකයා පවසා ඇත්තේ මම හිටගෙන ඉන්න පුද්ගලයන්ට ටයි දාන්න දන්නේ නැහැ.​ මොකද මම වැඩ කරන්​නේ මල් ශාලාවක යනුවෙනි.

එය ඇසීමත් සමග කාන්තාවන් දෙදෙනා කොක් හඬලා සිනාසෙන්නට වූහ. ඒ සිනා හඬ ඇසී උත්සව ශාලාවේ කිහිපදෙනෙක්ම කාමරයට එබිකම් කළහ. ‘මොකද වුණේ කියා විමසද්දී පණ පිටින් මෙයාව එම්බාන් කරන්න ගියා යැයි සිරිතුංග දෙසට ඇඟිල්ල දිගු කරමින් එක් කාන්තාවක් පැවැසීය. සිරිතුංගගේ මුහුණ රතුවිය. හිමින් සැරේ කාමරයෙන් පිටතට ආ ඔහු මංගල උත්සවයටද සහභාගි නොවී ගෙදර ගියේය. එම මංගල උත්සවයට සහභාගි වූ බොහෝ පිරිසකගේ දවසේ කතාව එය විය.

More from GossipMore posts in Gossip »