Press "Enter" to skip to content

හිරගෙදර පාටියේ වීඩියෝවක් ලීක් වෙයි

මීගමුව බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් බන්ධනාගාරය තුළ සාදයක් දමමින් විනෝදවන ආකාරය දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී ඇත.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝගේ කාලයේදී මීගමුව බන්ධනාගාර රැදවියන් ශීත කරන හා විදුලි උදුන් ආදී භාණ්ඩ පරිහරනය කරමින් ගත කළ සුඛෝපභෝගී ජීවිතයේ තවත් පැති කඩක් මේ විඩියේ පටත් සමග අනාවරණය කර ගැනීමට බන්ධනාගාර ආරක්ෂක අංශ සමත් වී ඇත.

මේ වීඩියෝ පටයේ බොහෝ තැන්වල රැදවියන් ජංගම දුරකතනවලින් කතා කරන අයුරුත් ජංගම දුරකතන බැටරි ආරෝපනය කිරීමට විදුලි පරිපතවලට සම්බන්ධ කර ඇති අයුරුත් දක්කනට ලැබේ.

බැලූ බැල්මට වරදට දඩුවම් විඳින රැඳවියන් රඳවා සිටින බන්ධනාගාරයකට වඩා මිතුරන් පිරිසක් නවාතැන් ගෙන සිටින චමරියක සිරි මවන මේ දසුන් අපට කියා පාන්නේ මෙරට නීතිය වල් වැදී ඇති තරමයි.

අනුරුද්ධ සම්පායෝ මීගමු බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කරන අවදියේදී සිදු වූ මේ අකටයුතු කම් ගැන අප මින් පෙරද කරුණු අනාවරණය කළ අතර පසුව අත්අඩංගුවට ගත් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු මේ වන විට ඇප මත නිදහස්ව සිටී.

More from GossipMore posts in Gossip »