Press "Enter" to skip to content

කොවිඩ් අසාදිත සිසුවෙකු පාසලේදී සිහිසුන්ව ඇදවැටෙයි

හැටන් ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි 14 හැවිරිදි සිසුවෙකු පාසල් වේලාව තුළදී හසිදියේ සිහිසුන්ව ඇද වැටීම නිසා ඔහුව දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එම සිසුවාට කළ ඇන්ටිජන් පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇත.

ඉගෙනුම ලැබු පංති කාමරයේ සිටි සිසුන් 37 දෙනෙක්, ගුරුවරුන් 14 දෙනෙක් ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කර පාසල් පරිශ්‍රය විෂබීජහරණය කිරීමට පියවර ගත් බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කරයි.

මෙම පාසල් සිසුවාගේ මවට ද කොවිඩ් ආසාදනය වී ඇති බව පසුව සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණයකින් හඳුනාගෙන තිබේ.

More from GossipMore posts in Gossip »