Press "Enter" to skip to content

සහෝදරයින් දෙදෙනෙක් එක්ව 14 හැවිරිදි දැරියක් අපහරණය කරයි

14 හැවිරිදි දැරියක් අපහරණය කළ සැකකරුවන් දෙදෙනකු ලබන මස පළමු වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කර තිබෙනවා.

මේ අතර දැරිය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා එහි වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද විනිසුරුවරයා නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ දැරියගේ මවගේ නැඟණියගේ සැමියා සහ ඔහුගේ සහෝදරයා බවයි ආරච්චිකට්ටුව පොලිසිය සදහන් කළේ.

දැරියගේ මවුපියන් විසින් ආරච්චිකට්ටුව පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි 43 සහ 50 හැවිදිරි වියේ පසුවන්නන් අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

More from GossipMore posts in Gossip »