කන්තලේ ප්‍රදේශයේ පවුල් 1000කට ආසන්න පිරිසක් නිරෝධායනයට යොමුකිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.
ඒ, කන්තලේ ප්‍රදේශයේ පාසල් සිසුන් සඳහා උපකාරක පංති පැවැත්වූ ගුරුවරයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනීම හේතුවෙනි.
කාත්තන්කුඩි ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන එම ගුරුවරයාගේ පියාට සහ නැගණියටත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව අප වාර්තාකරු පැවසීය.






