Press "Enter" to skip to content

ජනපති හා ලොකුවිතාන කොරෝනා පළමු පෙළ ආශ්‍රිතයන් අතර

පසුගියදා හොරණ වගවත්ත ප්‍රදේශයේදී විවෘත කළ ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් පුද්ගලික සමාගමේ (Ferentino Tyre Corporation- PVT Ltd) හිමිකරු ව්‍යාපාරික නන්දන ජයදේව ලොකුවිතාන මහතාට ද ස්වයං නිරෝධනය වන ලෙස සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇතැයි වාර්තා වේ.

ඒ පසුගිය 15 වැනිදා එම කර්මාන්ත ශාලාව විවෘත කරන අවස්ථාට අද (18) කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැමිණ සිටීම නිසාය.

එසේම ඔවුන් ළගින් ඇසුරු කරනු එම උත්සව අවස්ථාවේ වීඩියෝවල සටහන්ව තිබී ඇති බවද පැවසේ.

මේ අතර ලංකා සී නිවුස් වාර්තා කර ඇත්තේ එම උත්සවයට සහභාගි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කොරෝනා ආසාදිතයෙකුගේ පලමු පෙල ආසාදිතයෙකු බවට පත්ව ඇති බවයි.

ජනවාරි 15 වැනිදා අදාළ ටයර් කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ ප්‍රධාන ආරාධිත වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි.

ඊට අමතරව අමාත්‍යවරුන් වන විමල් වීරවංශ හා මහින්ද අමරවීර යන මහත්වරුන්ද එක්ව සිට ඇත.

Piyal 002
Piyal 001
More from GossipMore posts in Gossip »