Press "Enter" to skip to content

අලුත්ගමින් ගමන් අරඹන කොළඹ-කළුතර බස් රථ ධාවනයෙන් ඉවත්වේ

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අලුත්ගමින් ගමන් අරඹන පුද්ගලික බස් රථ සේවා අද(17)අලුයම සිට ධාවනයෙන් ඉවත් වන බව එම බස් රථ හිමිකරුවන්ගේ සංගමය කියයි.

අලුත්ගම – කොළඹ , අලුත්ගම- කලුතර පුද්ගලික බස් සේවාව අද ධාවනයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව බස්නාහිර පලාත් අලුත්ගම පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති තුසිත ගුණරත්න මහතා කියයි.

කතරගම සිට කොළඹ දක්වා ගාලු පාරේ ගමන් කරන අන්තර් පලාත් පුද්ගලික බස් රථවලින් අලුත්ගම සිට කොළඹ හා කලුතර තෙක් ධාවනය කරන බස් රථ 60 කට වැඩි සංඛ්‍යාවකට සිදුවන වෘත්තීය ගැටළු කිහිපයක් හේතුවෙන් මෙම පියවර ගන්නා බව සංගමය පවසයි.

More from GossipMore posts in Gossip »