Press "Enter" to skip to content

මෙරට කොරෝනා තව 1% ක්‌ වැඩි වුණොත් සමාජ ව්‍යාප්තියක්‌

මෙරට කොරෝනා වෛරසය පැතිරීමෙන් හඳුනා ගැනෙන ආසාදිතයන්ගේ ප‍්‍රතිශතය තවත් සියයට එකකින් ඉහළ ගියහොත් එය සමාජ ව්‍යාප්තියක් බවට පත්වන්නේ යැයි සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනුයේ මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයන් හදුනා ගැනීමේ ප‍්‍රතිශතය සියයට 3.5 - 4ක පවතින බවකි. සාමාන්‍යයෙන් පිළිගත් ක‍්‍රමවේදය අනුව එම තත්ත්වය සියයට 5 ක ප‍්‍රතිශතයක් දක්වා වැඩි වූ විට වෛරසය සමාජ ව්‍යාප්තියක් දක්වා පැතිර ඇති බව පිළිගැනීමට සිදුවන බවද සදහන් වේ.

ඒ අනුව මේ වන විට මෙරට තුළ කොරෝනා වෛරසය සමාජ ව්‍යාප්තියක් දක්වා පැතිරීමේ සමීපයටම ළගා වී ඇති බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

More from GossipMore posts in Gossip »