Press "Enter" to skip to content

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49%ක් ඉන්දියාවේ අදානි සමාගමට

කොළඹ වරායේ නැනෙහිර පර්යන්තයේ 49%ක ප්‍රතිශතයක් ඉන්දියාවේ අදානි සමාගමටත්, වෙනත් පාර්ශවයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද (13) ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මේ බව පැවසූ බවය.

නැගෙනහිර පර්යන්තයේ 51%ක අයිතිය ශ්‍රී ලංකා රජය යටතේ පවත්වාගෙන යන බව ද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

කලාපීය භූ දේශපාලනික සාධක, රටේ ස්වෛරීභාවය, ආදායම් සහ රැකියා උත්පාදනය ඇතුළු සියලු සාධක සමාලෝචනය කිරීමෙන් පසුව නැගෙනහිර පර්යන්ත සංවර්ධනය සැලසුම් කළ බව ඔහු පැවසීය.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ආයෝජන වැඩසටහන යටතේ නැගෙනහිර පර්යන්තය තිරසර සංවර්ධනයකට ලක් කරන බවය.

මෙම වැඩසටහන හරහා නැගෙනහිර පර්යන්තය විකිණීමක් හෝ බදු දීමක් සිදු නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
උපුටා ගැනීම : මව්බිම

More from GossipMore posts in Gossip »