කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් අට දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (11) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව, වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 240 කි.
එම මරණ 8 න් එක් මරණය බැගින් ඉකුත් 6 වැනිදා සහ 7 වැනිදාද, මරණ 2 ක් 8 වැනිදාද, මරණ 3 ක් 10 වැනිදාද, සෙසු මරණය අද දිනයේද (11) සිදුවී තිබේ.
මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ බන්ධනාගාර පොකුරු වලින් අද (11) දිනට කොරෝනා ආසාදිතයින් 568 දෙනෙකු හදුනාගෙන තිබේ.
මේ දක්වා වයිරසය ආසාදිත සංඛ්‍යාව 44,903 ක් වූ අතර අද පස්වරුවේදී පැලියගොඩ පොකුරෙන් තවත් ආශ්‍රිතයින් 283 ක් වාර්තා විය.
ඒ අනුව මේ වන විට වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 45,186 කි.








