කොරෝනා වසංගතය හේතුවෙන් පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟව වූ සහන කාලසීමාව මාර්තු මස අවසානය දක්වා දීර්ඝ කර තිබේ.
පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සේවා යෝජකයින්, සේවක වෘත්තීය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයෙන් ස්ථාපිත කර ඇති කාර්ය සාධක බලකා රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ අනුවයි විෂයභාර අමාත්‍යවරයා අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.






