කොරෝනාවෛරසය ආසාදනය වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සමීපව ආශ්‍රය කළ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු මේ වන විට පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනානාදු මහතා පවසයි.
එම මන්ත්‍රීවරුන් සියලු දෙනාට ම සහ අදාළ අංශ දැනුවත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව ද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ඔහු පැවසුවේ, වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් වාරයේදී දින 4ම පාර්ලිමේන්තුවට පැමිණ තිබූ බවය.
ලබන 13 සහ 15 යන දිනවලදී පෙරවරු 10.00 සිට පස්වරු 3.00 දක්වා පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇති බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද එම පරීක්ෂණ සඳහා සහභාගී විය හැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දන්වා සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.






