අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගෙන ඇතැයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
හෙට්ටිගේ මහතා පසුගිය සිකුරාදා (8) පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව ද වේත්‍රධාරීවරයා සඳහන් කළේය.
ඒ හේතුවෙන්, එදින ඔහු ඇසුරු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ කාර්යමණ්ඩල නිලධාරීන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.
කෙසේ වෙතත්, මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතුවලට කිසිදු බාධාවක් නොමැති බවත් පාර්ලිමේන්තු කටයුතු සුපුරුදු පරිදි පවත්වාගෙන යනු ලබන බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ ය.
උපුටා ගැනීම : මව්බිම






