සිදුකර ඇති වැරදිවලට දඬුවම්දීම නීතියට පැවරී ඇති කාර්යභාරයක් බවත් ඊට මැදිහත් වී කලින් රජය කළාත් මෙන් දේශපාලන පළිගැනීම් කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටිනවා. ජනතාව අතරට වැරදි මත ගෙන යන්නේ නැතිව සාධාරණව දේශපාලනයේ නිරත වන්නැයි ජනාධිපතිතුමා විපක්ෂයට කියා සිටිනවා.
මහා සංඝරත්නය ඇතුළු ජනතාව ජනාධිපතිවරයා වීමට පෙර සිටි ආරක්ෂක ලේකම්වරයාගේ භූමිකාව අපේක්ෂා කරති. පිත්තල හන්දියේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීහු තමා ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ. එය සිදු කළ ත්‍රස්ත නායකයාට මුහුණපෑමට සිදු වූ ඉරණම ජනතාව දනිති. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ යන චරිත දෙකෙන් ඕනෑම චරිතයකට සූදානම් වුවත් විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට සූදානම් නැති බව ජනාධිපතිතුමා කියා සිටිනවා.
” පසුගිය කාලයේ දී අපේ අයව යහපාලන රජයේ අය නිකරුනේ සිර භාරයට ගත්තා. නමුත් ඒ අය සම්බන්ධයෙන් අද නිතිය ක්‍රියාත්මක කරනවා. දේශපාලන මැදිහත්වීමකින් තොරව මෙය සිදුවන්න ඕන. ඒ ගැන විපක්ෂයත් තේරුම් ගැනීම අත්‍යාවශ්‍යයි. ඒ අය තවමත් පාදඩ දේශපාලනය කරනවා. පසුගිය දවස්වල හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශ ගැන බලන්න. එය එසේ සිදුනොවිය යුතුයි.
මට නන්දසේන ගෝඨාභය කියනවා. ඔව් මම නන්දසේන ගෝඨාභය තමයි. හොද නම් ඒවා. මට චරිත දෙකක් තියෙනවා. අපේ හාමුදුරුවන් කියනවා අපිට ඕන ජනාධිපති ගෝඨාභය නෙමෙයි ඉස්සර හිටිය ආරක්ෂක ලේකම් ගෝඨාභයයි ඕන කියලා. ජනතාව කියනවා ටිකක් සැරෙන් ඉන්න ඕන කියලා. මට ඒකත් කරන්න පුළුවන්. සැරෙන් ඉන්නත් පුළුවන්. මට ඒ චරිත දෙකෙන් ඕනෑම චරිතයකට සූදානම්. මතකනේ පිත්තල හන්දියේ දී කොටි නායකයා මට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා යුද්ධය පටන් ගත්තේ. මම යුද්ධය අවසන් කලේ ඒ බෝම්බ ගහපු කොටි නායකයා බල්ලෙක් වගේ හතර ගාතේ දාලා උස්සලා ගෙනල්ලා දැම්මේ. මට ඕන චරිතයක් කරන්න පුළුවන්. දේශපාලනය කරන්න පුළුවන්. විපක්ෂය උනත් දේශපාලනය කරන්න ඕන. හැබැයි ජනතාවට අවශ්‍ය දේශපාලනය සිදුකරන්න ඕන. නමුත් මා විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට සූදානම් නැතැයි ” මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමින් රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.
Published in Political