මහියංගණය කෙසෙල්පොතය යාය දොළහ ගොවි ජනපදයේදී 61 හැවිරිදි පුද්ගලයෙකුව වල් කපන පිහියකින් කපා ඝාතනය කළැයි සැකපිට ඔහුගේ 39 හැවිරිදි අනියම් බිරිඳ අද (10) දා අළුයම මහියංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනයට ලක්ව ඇත්තේ මහියංගණ ඉඹුල්ඔබ්බේ හේරත් මුදියන්සේලාගේ හේරත් බණ්ඩා නමැති ගොවිමහතෙක්.
ඔහුගේ විවාහක බිරිදට දරුවන් අට දෙනෙක් සිටින අතර එම කාන්තාව අතහැර සැකකාර කාන්තාව සමග අනියම් සබඳතාවක් පවත්වා ඇති බවත් ඇයද එක් දරු මවක් බවත් පොලිසිය පවසනවා.
එසේ සිටියදී එම සම්බන්ධතාවත් නතර කර එම ගම්මානයේම පදිංචි තවත් කාන්තාවක් සමග අනියම් සබඳතාවයක් පවත්වා ඇති බවත් පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
දෙවැනි අනියම් සබඳතාවය නතර කර යළි පැරැණි අනියම් බිරිද (සැකකාරිය )සොයා ඊයේ (9) දා රාත්‍රී 11.00 ට පමණ පැමිණි අවස්ථාවේ රාත්‍රී ඇතිවූ බහින් බස් විමකින් පසු ඇගේ නිවසේ මුළුතැන් ගෙය තුළදී මෙම අපරාධය සිදුකර ඇතැයි විමර්ණ වලදී අනාවරණය වූ බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.
බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ , බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත මහියංගණය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ජී.ඒ.ආර්.එල් . සේනාධීර මහතාගේ මෙහෙයවීමෙන් මහියංගණය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුරකරනවා.






