Press "Enter" to skip to content

කෑම බෙදලා දෙන්න පරක්කු වුණ නිසා සිය මවට පහරදී අතවර කළ පාපතරයා අත්අඩංගුවට

සිය මවට පහරදී තර්ජනයකර ලිංගික අතවර කළ සැකකාර පුත්‍රයෙක් වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (09) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමන් අනතුරුව ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එහිදී අධිකරණය නියෝග කළේ සැකකරු මානසික වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත්කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වේයන්ගොඩ, කොරසේ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.

පෙරේදා (08) පෙරවරුවේ නිවසට පැමිණ ඇති මොහු මවගෙන් කෑමට යමක් ඉල්ලා තිබෙනවා.

එහිදී මව විසින් කෑම සකසාදී ඇති අතර කෑම ලබාදීමට ප්‍රමාදවීම හේතුවෙන් කෝපයට පත් පුත්‍රයා විසින් මවට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව සිය මවට තර්ජනය කර ඇයට ලිංගික අතවර සිදුකර ඇති බවටයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මව විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුවයි සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගැනුණේ.

More from GossipMore posts in Gossip »