Press "Enter" to skip to content

පාර්ලිමේන්තුවේ කොරෝනා පොකුරක් ඇති වීමේ අවදානමක්

පාර්ලිමේන්තුව තුළ ද කොරෝනා පොකුරක් ඇති වීමේ අවදානමක් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

නාවලපිටිය ප්‍රදේශයේ අද (9) පැවති ජන හමුවකට එක්වෙමින් කුමාර වෙල්ගම මහතා මේ බව පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුව තුළ සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම අපහසු වී ඇති බවය.

පාර්ලිමේන්තුවේ, විපක්ෂයේ කාර්යය විපක්ෂ නායකවරයා උපරිමයෙන් ඉටුකරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මෙහිදී පැවසීය.