
හපුතලේ සිට බලංගොඩ බලා ගමන් කරමින් තිබූ වෑන් රථයක් ඊයේ රාත්‍රියේ හල්දුම්මුල්ල වල්හපුතැන්න මහා වංගුව ස්ථානයදි අඩි 200 ක පමණ
ප්‍රපාතයකට පෙරළී එහි ගමන් ගත් කුඩා ළමුන් 8දෙනකු ඇතුළු 14දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර බව හල්දුම්මුල්ල පොලිසිය සදහන් කරයි.
ඔවුන් හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දියතලාව මූලික රෝහලට මාරු කර යැවු බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි
බලංගොඩ ප්‍රදේශයේ පදිංචි පිරිසක් හපුතලේ ලිප්ටන් සීට් නැරැඹුම් මධ්‍යස්ථානයේ සංචාරයක ගොස් ආපසු පැමිණෙමින් සිටියදී මෙසේ අනතුරට ලක් වු බව සදහන් වේ.
කාන්තාවන් තිදෙනෙකු,පිරිමි තිදෙනෙකු හා කුඩා ළමුන් අට දෙනකු බරපතළ තුවාල. ලබා ඇති බව සදහන් වේ.
වෑන් රථයේ සිටි තුවාලකරුවන් ප්‍රධාන මාර්ගයට ගැනීමට හල්දුම්මුල්ල පොලිසිය සමග ප්‍රදේශවාසීහු මහත් මහන්සියක් දරා ඇත.





