තම දූවරුන් තිදෙනා යෝනි සුන්නතට ලක් කළ බවට චෝදනා ලත් පියෙකුට එරෙහිව ඊජිප්තු බලධාරීහු නඩු පැවරූහ.ඊජිප්තු නීතිපතිවරයා කියා සිටියේ කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් ලබා දෙන බව පවසා මෙම පුද්ගලයා තම දූවරුන් රවටා ඇති බවය.ඉන් අනතුරුව වෛද්‍යවරයෙකු නිවසට කැඳවා ඇති අතර දියණියන් තිදෙනාට මත්ද්‍රව්‍යයක් ලබා දීමෙන් පසු යෝනි සුන්නත සිදුකර තිබේ.එම වෛද්‍යවරයාට ද එරෙහිව නඩු පවරා ඇති අතර යෝනි සුන්නතට ලක්වූ දියණියන් තිදෙනා ම වයස අවුරුදු 18 ට අඩු ගැහැණු ළමුන් බව වාර්තා විය.
පියාගෙන් වෙන් වී සිටින මවට මේ පිළිබඳව දැන ගැනීමට ලැබී ඇති අතර ඇය විසින් බලධාරීන් දැනුවත් කරනු ලැබ තිබේ.
නීතිපතිවරයා නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ, මෙම ගැහැණු ළමුන් තිදෙනාට සිහිය ලැබෙන විට තම දෙපා ගැට ගසා තිබුණු බවත් තම ලිංග ප්‍රදේශයේ වේදනාවක් දැනී ඇති බවත් ඔවුන් ප්‍රකාශ කළ බවය.
2008 වසරේ පටන් යෝනි සුන්නත ඊජිප්තුව තුළ නීතියෙන් තහනම් කර ඇති නමුත් එය තවමත් සමාජය තුළ ක්‍රියාත්මක වෙමින් පවතී. 2016 දී එය අපරාධයක් ලෙස සැලකීමට අවශ්‍ය නීති සම්පාදනය වූ අතර යෝනි සුන්නත සිදුකරන වෛද්‍යවරයෙකුට වසර හතක් දක්වා වූ සිර දඬුවම් පැමිණ විය හැක. ඒ සඳහා ඉල්ලීම් කරන තැනැත්තාට වසර තුනක සිර දඬුවමක් ලැබෙනු ඇත.
නමුත් ඊජිප්තුවේ සම්මත වූ එම නීතිය යටතේ තවමත් කිසිවෙකුට සාර්ථකව දඬුවම් පැමිණවීමට හැකියාවක් ලැබී නැත. කාන්තා අයිතිවාසිකම් සඳහා පෙනී සිටින කණ්ඩායම් පවසන්නේ විනිසුරුවන් සහ පොලිසිය මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා උනන්දු නොවන බවය.
“විනිසුරුවන් සහ පොලිසිය වැනි අධිකාරින් පවා යෝනි සුන්නත පිළිබඳව ඉතා ලිහිල් බවක් දැක්වීම ඉතා දරුණු තත්ත්වයක්,පසුගිය ජනවාරියේදී ද මෙවැනි සිදුවීමක් ඊජිප්තුවෙන් වාර්තා විය. දාහතර හැවිරිදි නේඩා අබ්දෙල් බලහත්කාරයෙන් යෝනි සුන්නතට ලක් කිරීමෙන් පසුව අධික ලේ වහනයෙන් මරණයට පත්වූවාය.
එම සිදුවීම පිළිබඳව ඉන්ටර්නෙට් ඔස්සේ මහජන කෝපය විශාල වශයෙන් මතු විය. එම යෝනි සුන්නත සිදු කළ වෛද්‍යවරයා සහ දැරියගේ දෙමාපියන් අපරාධ අධිකරණයට යොමු කළ නමුත් එම නඩු විභාගය දිගටම පැවැත්වේ දැයි පැහැදිලි නැත






