මත්ද්‍රව්‍යයක් ලෙස පෙට්‍රල් පානය සඳහා ඇබ්බැහිව සිටි තරුණයෙකු ගෙළ වැළලාගෙන ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මදුරන්කුලිය – උණාවේලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයෙකු බවයි පොලීය පැවසුවේ.
ඔහු මීට වසර කිහිපයක පෙර සිට මෙලෙස පෙට්‍රල් පානය සඳහා ඇබ්බැහිව සිට ඇති අයෙකු බව ද අනාවරණ වී තිබෙනවා.
ඒ හේතුවෙන් ඔහු පුනරුත්ථාපන කඳවුරක් වෙත ද යොමුකර ඇති අතර, යළිත් ඊට ඇබ්බැහි වී ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් ඇති වූ මානසික ව්‍යාකූලත්වය හමුවේ මෙම තරුණයා දිවි හානි කරගෙන ඇති බව අප වාර්තාකරු කියා සිටියා.






