Press "Enter" to skip to content

නව වසරේ සාදයට ගිය සිව්දරු පියාගේ මළ සිරුර තේ වත්තක

නව වසර උදාවේ සාදයකට සහභාගි වූ සිව්දරු පියකු ඊයේ (01 දා) දින අභිරහස් ලෙස මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පැවසීය.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන් වත්තේ පදිංචි ආරුමුගන් කුමාර් නැමති 39 හැවිරිදි සිව්දරු පියෙකි.

එම වතු යායේම තවත් පිරිසක් සමග (31 දා) රාත‍්‍රි 8.00 ට පමණ නව වසර උදාවට සාදයක් පැවැත්වෙන බවත්, තමන් එම සාදයට සහභාගි වීම සඳහා යන බව තමන්ට පවසා නිවසින් පිටව ගිය සැමියා ආපසු නොපැමිණි බව බිරිඳ පවසා තිබේ. පසුව සැමියා සොයන අවස්ථාවේ ඔහු තේ වත්ත මැද මියගොස් සිටි බව බිරිඳ පවසා තිබේ.

මත්පැන් සාදයට සහභාගි වූ එම වතු යායේ තරුණයකු කියා සිටියේ මිය ගිය අය සමග මත්පැන් සාදයක් පැවැත් වූ බවත්, එම සාදය පැවැත්වීමෙන් පසු සියළු දෙනාම වෙන් වෙන්ව නිවාසවලට පිටව ගිය බවයි.

මළ සිරුර සම්බන්ධයෙන් හැටන් මහෙස්ත‍්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බව හැටන් පොලිසිය පැවසීය.

p6 3
More from GossipMore posts in Gossip »