Press "Enter" to skip to content

රන්ජන්ගේ සල්ලි දන්සල: අමතන්න කුෂාන් 0773624927

රුපියල් ලක්ෂ 40ක මුදලක් ජනතාව අතරේ බෙදාදීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සැලසුම් කර ඇත.

රුපියල් ලක්ෂය බැගින් වූ ඔහුගේ මන්ත්‍රී වැටුපට එකතු වූ මුදල් ඔහු මෙසේ බෙදාදීමට නියමිතය.

ඔහු පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයෙක් ලෙස එක්වූ දින සිට මන්ත්‍රී වැටුප ලබාගෙන නොතිබූ අතර පසුව එම මුදල් රාජ්‍ය භාණ්ඩාගාරය වෙත ගොස් තිබිණි.

ඉන් පසුව එම මුදල ඔහු විසින් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ඉල්ලා මෙසේ ජනතාව අතර බෙදාදීමට කටයුතු යොදා තිබේ.

ජනතාවට එම මුදල් ඔහුගේ පෞද්ගලික ලේකම් 0773 624927 යන දුරකථන අංකයට කතාකර ලබා ගැනීමට හැකියාව ඇත.

මේ සම්බන්ධයෙන් අප රන්ජන් රාමනායක මහතාගෙන් දුරකථනය ඔස්සේ විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ සිය පෞද්ගලික ලේකම්වරයාට ජනතාව මුදල් ඉල්ලා දිවා රාත්‍රියේ දුරකථන ඇමතුම් රාශියක් ලබාදෙන බවයි.

මේ පදනම සඳහා මුදල් ලබාදීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ද මේවන විට එකඟව ඇතැයි ද රාමනායක මහතා කියා සිටියේය.

More from GossipMore posts in Gossip »