Press "Enter" to skip to content

පොලිසියේ අසූදහසෙන් 44000ක්ම ප්‍රභූ ආරක්ෂාවේ

විනිශ්චයකාරවරුන්, මැති ඇමැතිවරුන් හා හිටපු ඇමැතිවරුන්ගේ ආරක්ෂාවට පමණක් යොදවා සිටින පොලිසියේ හතළිස් හතරදහසක් යළි පොලිස් සේවයට ගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බව මහජන ආරක්ෂක ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර සති පැවසීය.

පොලිස් දෙපාර්තමේන්තුව සතු අසූදහසක පිරිසෙන් සාමාන්‍ය සේවයේ යොදවා සිටින්නේ තිස්හයදහසක් පමණ බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම තත්ත්වය මත පොලිසිවල රාජකාරි මෙන්ම රථ වාහන රාජකාරි කරගෙන යෑම පවා අසීරු වී තිබේ. මෙසේ වෙනත් සේවාවලට යෙදවූ පිරිස් යළි පොලිස් සේවයට කැඳවා ඒ වෙනුවට සිවිල් ආරක්ෂක බළකායේ පුහුණුව ලත් කණ්ඩායම් එම ස්ථානවලට යෙදවීමට සාකච්ඡා කරගෙන යන බව මහජන ආරක්ෂක ඇමැතිවරයා සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »