Press "Enter" to skip to content

කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු සදහ දිස්ත්‍රික් සම්බන්ධීකරණයට හමුදා නිලධාරීන් පත් කරයි

කොවිඩ්-19 පාලන කටයුතු සඳහා වැඩි දියුණු කළ දිවයින පුරා සම්බන්ධීකරණයේ හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති සහ කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ

ප්‍රධානී ජෙනරාල් ශවේඳ්‍ර සිල්වාගේ නිර්දේශය මත 2021 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි සියලුම දිස්ත්‍රික්ක සඳහා උසස් හමුදා නිලධාරීන් 25 දෙනෙකු පත්කර තිබේ.

උසස්වීම් ලැබීමෙන් පසු යුද හමුදා මූලස්ථානයේදී ඔහුට උපහාර පිදූ දිනයේම එම නව වගකීම්වලට වැදගත්කමක් එක් කරමින් ජෙනරාල් ශවේඳ්‍ර සිල්වා මහතා ඊයේ දින සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරීන් 25 දෙනා සඳහා එම පත්වීම් ලිපි ප්‍රදානය කළේය.

ඒ අනුව, එම ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරීන්ගේ කාර්ය වනුයේ දිස්ත්‍රික් මට්ටමින් නිරෝධායන මධ්‍යස්ථාන ඇති කිරිම,

නිරෝධායනය හා ප්‍රතිකාර සඳහා පුද්ගලයින් ප්‍රවාහනය, වෛද්‍ය සැපයුම, උපකරණ, වියලි සලාක සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ අනෙකුත් සියලුම තාක්‍ෂණික අවශ්‍යතා සහ ඒවා සලකා බැලීම වේ

දිස්ත්‍රික්ක 25 ක ප්‍රධාන සම්බන්ධීකාරකවරුන් ලෙස පත්කර ඇති උසස්‍ හමුදා නිලධාරීන් පහත දැක්වේ

උතුරු පළාත

  1. මේජර් ජෙනරාල් ඩබ්ලිව් ජී එච් ඒ බණ්ඩාර – යාපනය
  2. මේජර් ජෙනරාල් කේ එන් එස් කොටුවෙගොඩ – කිලිනොච්චි
  3. මේජර් ජෙනරාල් ආර් එම් පී ජේ රත්නායක – මුලතිව්
  4. මේජර් ජෙනරාල් ඩබ්ලිව් එල් පී ඩබ් පෙරේරා – වවුනියා
  5. මේජර් ජෙනරාල් ඒ ඒ ජේ බණ්ඩාර – මන්නාරම්

උතුරු මැද පළාත

  1. මේජර් ජෙනරාල් ජේ සී ගමගේ – පොලොන්නරුව
  2. මේජර් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ – අනුරාධපුර

වයඹ පළාත

  1. මේජර් ජෙනරාල් ඒ පී අයි ප්‍රනාන්දු – පුත්තලම්
  2. බ්‍රිගේඩියර් පී එම් ආර් එච් එස් කේ හේරත් – කුරුණගල

බස්නාහිර පළාත

  1. මේජර් ජෙනරල් කේ ඩබ්ලිව් ආර් ද ආබෲ – කොළඹ
  2. මේජර් ජෙනරල් එන් ආර් ලමාහේවා – ගම්පහ
  3. බ්‍රිගේඩියර් කේ එන් ඩි කරුණාපාල – කළුතර

මධ්‍යම පළාත

  1. මේජර් ජෙනරල් එච් පී එන් කේ ජයපතිරණ – නුවරඑළිය
  2. මේජර් ජෙනරල් එස් එම් එස් පි බි සමරකෝන් – මහනුවර
  3. මේජර් ජෙනරල් එස් යු එම් එන් මානගේ – මාතලේ

සබරගමුව පළාත

  1. බ්‍රිගේඩියර් ජේ එම් ආර් එන් කේ ජයමාන්න – රත්නපුර
  2. බ්‍රිගේඩියර් එල් ඒ ජේ එල් බී උදෝවිය – කෑගල්ල

නැගෙනහිර පළාත

  1. මේජර් ජෙනරල් සී ඩි වීරසුරිය – ත්‍රිකුණාමලය
  2. මේජර් ජෙනරල් ටි ඩි වීරකෝන් – අම්පාර
  3. මේජර් ජෙනරල් සී ඩි රණසිංහ – මඩකලපුව

ඌව පළාත

  1. බ්‍රිගේඩියර් ඊ ඒ පී එදිරිවිර – බදුල්ල
  2. කර්නල් ඩි යු එන් සේරසිංහ – මොණරාගල

දකුණු පළාත

  1. මේජර් ජෙනරල් ඩි එම් එච් ඩි බණ්ඩාර – හම්බන්තොට
  2. මේජර් ජෙනරල් ඩබ්ලිව් ඒ එස් එස් වනසිංහ – ගාල්ල
  3. කර්නල් කේ ඒ යු කොඩිතුවක්කු – මාතර – මාතර
More from GossipMore posts in Gossip »

Be First to Comment

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *