
නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්පූර්ණ කර ඇත.
මේ අනුව බ්‍රිතාන්‍යය යුරෝපා නීති වලින් ඉවත් වන අතර සංචාරක, වෙළෙඳ කටයුතු සහ ආගමන විගමන සදහා නව ක්‍රමවේද ක්‍රියාත්මකවීම ආරම්භය සිදුවිය.
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා වැඩි දුරටත් පවසා ඇත්තෙ “නිදහස අපේ අතේ” බවත් ඉදිරියේදී ඇතැම් දේ වඩා වෙනස් සහ නියමාකාරයෙන් සිදුකිරීමේ හැකියාව තම රට සතුව පවතින බව සදහන් කර ඇත.
මේ පිළිබදව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් වැඩි දුරටත් පවසා ඇත්තේ එක්සත් රාජධානිය තවදුරටත් මිතුරෙකු සහ පාර්ශවකරුවෙකු ලෙස සළකන බවය.
නව නීති රෙගුලාසි ක්‍රියාත්මකවීම ඇරඹීමත් සමඟ ඉදිරි සති කිහිපයේදී යම් අවහිරතා මතුවනු ඇති බවට ද බ්‍රිතාන්‍ය අමාත්‍යවරු පවසා ඇත.
2016 වසරේ සිට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අපේක්ෂා කළ අතර ඒ වෙනුවෙන් ජනමතවිචාරණයක් ද පවත්වා තිබි ඇත.






