Press "Enter" to skip to content

සිංගප්පූරුව එන්නත දෙයි: ඉන්දියාව ජනවාරියේ පටන් ගනී: ලංකාව තවමත් පැණි සටනේ

මහාපරිමාණ එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කළ ආසියාවේ පළමු රට බවට පත්වෙමින් සිංගප්පූරුව එරට වැසියන්ට එන්නත ලබා දීම ඊයේ (30) ආරම්භ කොට තිබේ.

ඔවුන් මෙසේ ලබා දෙන්නේ අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඑන්ටෙක් සමාගම් මගින් නිෂ්පාදනය කරන ලද එන්නතය.

එරට සෞඛ්‍ය සේවකයන්ට මුලින්ම මෙම එන්නත ලබා දීමට බලධාරීන් පියවර ගෙන ඇත.

මේ අතර ඉන්දියාව ජනවාරි මුල් සතියේ සිට මිලියන 300ක ජනතාවට පළමු අදියරේදී එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා තහවුරු කොට ඇත.

එසේ ලබා දෙන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා එන්නතය.

කෙසේවෙතත් ලංකාවේ තවම එන්නත් ලබා දීමක් පිළිබදව බලධාරීන්ගෙන් නිශ්චිත ප්‍රකාශයක් ඉදිරිපත් වී නොමැති අතර තවමත් ධම්මික බණ්ඩාර කපු මහතාගේ පැණිය පිළිබද පරීක්ෂණ පවත්වමින් සිටින ආකාරයක් දැකගන්නට ඇත.

More from GossipMore posts in Gossip »