ගංජා හා දුම්වැටිපානය කිරීමට දැඩි ලෙස ඇබ්බැහිවී සිටි 17 හැවිරිදි තරුණියක් හා තරුණයන් දෙදෙනකු මාකුඹුර ප‍්‍රදේශයේ දී පෙරේදා (29) රාත‍්‍රි අත්අඩංගුවට ගත් බැව් යක්කලමුල්ල පොලිසිය පවසනවා.
මෙකී තරුණිය තරුණයන් දෙදෙනා සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් තරුණිය සන්තකයේ ගංජා පැකැට්ටුවක් හා තරුණයන් දෙදෙනා සතුවද ගංජා පැකැට් දෙකක් තිබී සොයාගත් බව පොලිසිය සඳහන් කළේ.
තරුණිය තෙල්ලඹුර ප‍්‍රදේශයේ පදිංචිකාරියක්. ඇය තම දෙමව්පියන්ට ද පහර දී නොයෙකුත් වදහිංසා කරන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. මෙම වර්ෂයේ අගෝස්තු මාසයේ මෙකී තරුණිය තම දෙමව්පියන්ට පහරදී නිවසින් පලාගොස් තිබූ බවද පොලිසිය පවසනවා. ඇය දිනකට දුම්වැටි පැකැට්ටුවක් පානය කරන බවද පොලිසිය සඳහන් කළා. අත්අඩංගුවට ගත් තරුණිය හා තරුණයන් දෙදෙනා ඊයේ (30 දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.






