Press "Enter" to skip to content

යුක්‍රේනයේ සිට මෙරටට පැමිණි ප්‍රථම සංචාරක කණ්ඩායමේ තිදෙනෙකුට කොරෝනා

පසුගිය දා මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයන් 185 දෙනා අතරින් තිදෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනයවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය සේවා විශේෂඥ වෛද්‍ය හේමන්ත මහතා පවසයි.

මේ වන විට කොරෝනා ආසාදිත එම විදේශිකයන් ඔවුන් නවාතැන් ගෙන සිටින හෝටලයේ ම විශේෂිතව සැකසූ ස්ථානයක වෛද්‍ය අධීක්ෂණය යට‍තේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ සංචාරකයන් ගෙන්වීමේ වැඩපිළිවෙලට අනුව, පසුගිය 28 වන දා යුක්රේන ජාතික සංචාරකයන් 185 දෙනෙකු රැගත් ගුවන් යානයක් මෙරටට පැමිණියේ ය.

QR555 දරණ SkyUp ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එම පිරිස මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියේ මාස 9කට පමණ පසු මෙරටට පැමිණි ප්‍රථම සංචාරක කණ්ඩායම ලෙසය.

විදේශිකයන් මෙරටට ගෙන්වීමේදී ඔවුන් පැය 72 කට පෙර පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනයවී කොරෝනා ආසාදිතයන් නොවන බවට තහවුරු කළ යුතු යැයි සංචාරක අමාත්‍යංශයේ ලේකම්, එස්. හෙට්ටිආරච්චි මහතා මීට පෙර කළ විමසීමකදී පැවසීය.

More from GossipMore posts in Gossip »