Press "Enter" to skip to content

කොවිඩ් දේහ ආදාහනය ගැන රජයේ ස්ථාවරයේ වෙනසක් නෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අධිකරණයට දන්වයි

මහර බන්ධනාගාරය තුළ නොවැම්බර් 29 වැනිදා ඇතිවූ ගැටුමෙන් මියගොස් සිටි තවත් සිව් දෙනෙකුගේ සිරුරු ආදාහනය කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එම රැඳවියන් සිව් දෙනාම කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගැනිනි.

මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙක් මියගිය අතර ඉන් 8 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගත් අතර ඒ අනුව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ විශේෂඥ කමිටුවක් මගින් සිදුකළේය.

මේ අතර මෙම නඩුව අද (30) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ දී කරුණු දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත්තේ කොවිඩ් ආසාදිත දේහ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය “ඒවා ආදාහනය කළ යුතුය” යන්න බවය.

More from GossipMore posts in Gossip »