Press "Enter" to skip to content

‘මෙරට පවතින කොරෝනා වෛරස ප්‍රභේදය ද විකෘතීන්ට ලක්විය හැකියි’ – GMOA

රටවල් කිහිපයකින් හඳුනාගෙන ඇති කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය තුළ විකෘති 20ක් පමණ පවතින බවට හෙළිදරව් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊයේ (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසුවේ, වෛසරස රෝග සම්බන්ධයෙන් මෙවැනි විකෘති ඇති වීම සාමාන්‍ය තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවය.

ඕනෑ ම රටක දැනට පවතින වෛරස තත්ත්වයේ යම් විකෘතියක් ඇති වීමට ඉඩකඩ ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ ය.

මේ හේතුවෙන්, මෙරට තුළ පවතින කොරෝනාවෛරස ප්‍රභේදය ද විකෘතීන්ට ලක්වී නව වෛරස ප්‍රභේදයක් මෙරට තුළ ද නිර්මාණය වීමට යම් ඉඩක් පවතින බව ඔහු පැවසීය.

අවුරුදු 10ත් 19ත් අතර වයස් කාණ්ඩය අතර මෙම නව වෛරස ප්‍රභේදය ආසාදනය වූවන් වැඩිවීමක් පවතින බව හඳුනාගෙන ඇති බවත් රටක් ලෙස ඊට මුහුණ දීමට ජනතාව තුළ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමේ නව වැඩපිළිවෙලක් පිළිබඳ රජය අවධානය යොමු කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා එහිදී අවධාරණය කළේය.

More from GossipMore posts in Gossip »