Press "Enter" to skip to content

තවත් යුක්‍රේන සංචාරකයින් තිදෙනෙකුට කොරෝනා – මුළු ආසාදිතයින් 6ක් දක්වා ඉහලට

යුක්‍රේනයේ සිට මෙරටට පැමිණි තවත් සංචාරකයින් තිදෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනයවී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් ද සමග මේ වන විට මෙරටට පැමිණි කොරෝනා ආසාදිත යුක්‍රේන ජාතික සංචාරකයින් ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ සංචාරකයන් ගෙන්වීමේ වැඩපිළිවෙලට අනුව, පසුගිය 28 වන දා සහ ඊයේ 29 යුක්‍රේන ජාතික සංචාරකයන් 389 දෙනෙකු රැගත් ගුවන් යානා දෙකක් මෙරටට පැමිණියේ ය.

අද දිනයේද එම සංචාරකයින් රැගත් ගුවන් යානයක් මෙරටට පැමිණීමට නියමිතය.

More from GossipMore posts in Gossip »