
මාවනැල්ල හිඟුල ප්රදේශයේ දැඩිමුණ්ඩ දේවාලය අසල පිහිටි බුදු කුටියට ගල් පහරක් වැදීමෙන් එහි වීදුරුවකට හානි වී ඇති බව පවසයි. එම සිදුවීම නිසාවෙන් මාවනැල්ල නගරයට මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
යුද හමුදාව මෙන්ම පොලීසියද එහි රැඳී සිටින බව අරංචි මාර්ග සදහන් කරයි. මවනැල්ල පොලිසිය ඇතුඑ පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය පිළිබද පරික්ෂණ අරඹා ඇත.
මෙම සිදුවීම හේතුකොට ගෙන හිගුල හා මාවනැල්ල නගරයට ආරක්ෂාව සපයා තිබේ.







