Press "Enter" to skip to content

කොවිඩ් එන්නත් 03ක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අවධානය

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙරටට එන්නත් ලබා දෙන්නේ නීති රාමුවකට යටත්ව බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසනවා. ඔහු පැවසුවේ එලෙස ලබාදෙන එන්නත්වල වගකීම, එය නිපදවූ සමාගම විසින් නොදරනු ඇති බවයි.

ශ්‍රී ලංකාවට ලබාදෙන අදාළ එන්නත් තොගයේ වියදම එක්සත් ජාතීන් විසින් දරනු ඇති.

ලලිත් වීරතුංග මහතා පැවසුවේ එන්නතක් ලබා ගැනීමට ඇති සියලු විකල්ප මේ වන විට ගවේෂණය කරමින් සිටින අතර ඒ සඳහා වන සාකච්ඡා දීර්ඝ ලෙස සිදුකෙරෙමින් ඇති බවයි.

ඒ අනුව රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී, චීනයේ නිෂ්පාදිත සිනොවැක් හා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සොයා ගන්නා ලද ඇස්ට්‍රාසෙනෙකා යන එන්නත් තුන මෙරටට ලබා ගැනීමේ වැඩි ඉඩක් ඇතැයි ඔහු වැඩිදුරත් පැවසී ය.

More from GossipMore posts in Gossip »