Press "Enter" to skip to content

විවාහ මංගල උත්සවයක මනාලිය ඇතුළු 26 කට කොරෝනා

අලුත්ගම ප්‍රදේශයේ පසුගිය 16 වැනිදා පැවති විවාහ මංගල උත්සවයක මනාලිය ඇතුළු 26 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

පළමුවෙන් මනාලියට සහ විවාහ මංගල උත්සවයට සහභාගි වූ තවත් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකළ අහඹු රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණවලදීයි.

අනතුරුව ඊයේ දිනයේදී මග්ගොන ප්‍රදේශයට විවාහ මංගල උත්සවයට සහභාගි වූ හතලිස් දෙදෙනෙකු ගෙන්වා සිදුකළ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණවලදී ඉන් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

More from GossipMore posts in Gossip »