Press "Enter" to skip to content

සිරිපා වන්දනා කරන පුද්ගලින්ට පණිවුඩයක්

උඳුවප් පෝ දිනයෙන් ඇරඹෙන සිරි පා වන්දනා සමය සඳහා බැතිමතුන්ට කොවිඩ් පාලන නීති රීතිවලට යටතේ සීමිත පහසුකම් සහිත ඉඩසලසා ඇතැයි ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් සදහන් කරයි.

පවතින තත්වය සැලකිල්ලට ගනිමින් හෙටින් ඇරඹෙන චාරිත්‍රානුකූල පෙරහැර සහ ඉදිරි තේවා කටයුතු සීමිත පිරිසකගේ පමණක් සහභගිත්වයෙන් සිදු කරනු ලැබේයි.

බුදුන් වහන්සේ තුන්වන ලංකා ගමනයේදී සමනලගිරි මුදුනෙහි තම වම් සිරි පා සලකුණ තැබූ බව ඉතිහාසයේ සඳහන් වී ඇත.

සිරි පා වන්දනා සමය ලබන අඟහරුවාදා යෙදෙන පොහෝ දිනයෙන් ආරම්භ වන අතර දේවාභරණ රැගත් පෙරහැර චාරිත්‍රානුකූලව හෙට අලුයම ගමන් ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර ඇත.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ සිරි පා වන්දනාව සඳහා සෞඛ්‍ය පහසුකම් සලසා තිබෙන බවත් පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ජනවාරි මාසයේ දක්වා සිරි පා වන්දනාවේ පැමිණීමෙන් වැළකීම වඩාත් යෝග්‍ය බවය.

More from GossipMore posts in Gossip »