ඉන්දියාවේ සිට නීතිවිරෝධී අන්දමින් මෙරටට ගෙනැවිත් තිබූ වියළි කහ කිලෝ ග්‍රෑම් 532ක් අද (28) මන්නාරම මූලස්ථාන පොලිසිය විසින් ගිනි තබා විනාශ කරන ලදී.
ඉන්දියාවේ පවතින උග්‍ර කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අංශ උපදෙස් මත මෙම කහ තොගය විනාශ කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
මන්නාරම නගර සභාවට අයත් කසළ පිරිපහදු කරන ස්ථානයේදී මෙම කහ තොගය විනාශ කරනු ලැබූ අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 10කට ආසන්න බව ද මන්නාරම පොලිසිය සඳහන් කළේය.
මෙම කහ තොගය මන්නාරම නගරයේ සිට කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබියදී පසුගිය 20 වන දා මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.






