Press "Enter" to skip to content

පැණගිය කොරොනා ආසාදිතයා සොයාගනි

නිරෝධායනයට පත්කර සිටියදී සපුගස්කන්දේ නිවසකින් පළාගිය කොවිඩ් ආසාදිත තරුණයා එම ප්‍රදේශයේම නිවසක සැගව සිටිය දී සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු සිටි නිවසේ අයද නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇති අතර ඔහු හා කාන්තාවක්ද සහ ඇයගේ දෙමාපියන් ද සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක දැන්වීය.

මොහු සඳහා කවුරුන් හෝ දැනුවත්ව රැකවරණය ලබා දී තිබුනොත් ඔවුන්ටද අදාළව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ඔහු පවසයි.

කොවිඩ් 19 වෛරසය සිදු කළ PCR පරීක්‍ෂණයෙන් අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම තරුණයා නිවසේ නිරෝධායනයෙ සිටි අතර පළායාමෙන් පසු ඔහු සොයා ගැණිමට පොලිසිය මහජන සහය පැතීය.

මෙලෙස පළා ගොස් තිබුනේ නිමේෂ් මධුසංඛ නම් 22 හැවිරිදි තරුණ පුද්ගලයෙක්‍

More from GossipMore posts in Gossip »