තම එකකුස උපන් 14 හැවිරිදි නැගණිය බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ සහෝදරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 24 හැවිරිදි විවාහක අයෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අදාළ තැනැත්තීය පහ වසරේ ඉගෙනුම ලබන කාලයේ සිට වරින් වර මෙලෙස අපයෝජනයට ලක් කර ඇති බවයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ.
සැකකරු විවාහයෙන් පසුවත් සිය සහෝදරිය ලිංගික අපයෝජනයට ලක් කරන ආකාරය ඇයගේ මව දැක ඇති බවත්, අනතුරුව ඒ සම්බන්ධයෙන් ප්රශ්න කළ අවස්ථාවේදී එම නැගණිය සිය මවට අදාළ සිද්ධිය ලිපියක ලියා ලබාදී ඇති බවත් සඳහන්.
මවගෙන් ලද පැමිණිල්ලකට අනුවයි අදාළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
යක්කලමුල්ල පොලිසිය විසින් වැඩිදුරට පරීක්ෂණ ක්රියාත්මකයි.






