Press "Enter" to skip to content

කොරෝනා ආසාදිතයෙකු පැනයයි – සොයා ගැනීමට මහජන සහය පතයි

නිවෙස් නිරෝධායනයට ලක්වෙමින් සිටියදී කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් පුද්ගලයෙකු නිවසින් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

කොවිඩ් -19 වෛරසය සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂාවෙන් අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් නිවෙස් නිරෝධායනයට ලක්කර සිටි එම පුද්ගලයා කොවිඩ් රෝගියෙකු බවට අනාවරණයවීමෙන් පසු එලෙස නිවසින් පළාගොස් තිබේ.

එම පළාගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා සොයා ගැනීම සඳහා සපුගස්කන්ද පොලීසිය මහජන සහය ඉල්ලා සිටී.

ඔහු නිමේෂ් මධුසංඛ නම් 22 හැවිරිදි පුද්ගලයෙකි.

සපුගස්කන්ද, මාකොල උතුර, දේවාල පාර ලිපිනයේ ඔහු පදිංචිව සිට තිබූ බව පොලීසිය පවසයි.

මේ වනවිට පළාගොස් ඇති කොවිඩ් ආසාදිත එම පුද්ගලයාගේ ඡායාරූපයක් ද පහතින් දැක්වෙන අතර ඔහු පිළිබඳ තොරතුරක් වෙතොත් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ පොලිස් හදිසි ඇමතුම් අංක වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකථන අංක – පොලිස් ස්ථානාධිපති සපුගස්කන්ද – 071 8591599/ 011 2400315 හෝ හදිසි ඇමතුම් අංශය – 011 2 433333/119

More from GossipMore posts in Gossip »