Press "Enter" to skip to content

කල්මුණේත් කොවිඩ් පොකුරක්

කල්මුණේ ආශ්‍රිතව කොවිඩ් පොකුරක් බිහිවීමේ අධි අවදානමක් ඇතිව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ලේකම් හා සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ කීය.

නැඟෙනහිර පළාතේ කොවිඩ් ආසාදිතයන්ගෙන් 80%ක්ම කල්මුණේ ආශ්‍රිතව හමුව ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. පසුගිය සතිය වන විට කොවිඩ් දෙවන රැල්ලෙන් නැඟෙනහිර පළාතේ පමණක් රෝගීන් 778ක් වාර්තා වී ඇති බවත් එයින් 613ක්ම කල්මුණේ ප්‍රදේශයෙන් වීම දැඩි අවදානම් තත්ත්වයක් බව ඔහු පෙන්වා දුන්නේය.

මේ වන විට ත්‍රිකුණාමලයට පැමිණීම අඩු කරන ලෙස බලධාරීන්ද ඉල්ලීමක් කර තිබෙන බව පෙන්වා දුන් වෛද්‍ය අලුත්ගේ පැවසුවේ මේ පොකුර බිහිවීම වැළැක්වීම සඳහා සංචරණ දැඩිව සීමා කර ගන්නා ලෙසයි.

More from GossipMore posts in Gossip »