Press "Enter" to skip to content

එංගලන්ත නව වෛරස් ප්‍රභේදය ලංකාවට ඇතුළුවීමේ අවදානමක් – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

එංගලන්තයෙන් වාර්තා වන නව කොවිඩ් -19 වෛරස ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන්ද වාර්තාවීමේ ප්‍රවණතාවයක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

එය ආසාදිත නොවී ආරක්ෂාවීමේ වගකීම ජනතාව සතු බව ඔහු පෙන්වා දෙයි.

“ඒ ප්‍රභේදය අපේ රට තුළටත් පැමිණීමේ අවදානම තියෙනවා. දිගින් දිගටම අපි මේ ගැන විමසිලිමත් වියයුතුයි. එංගලන්තයේ පැතිරෙන මේ ප්‍රභේදය අපේ රටට පැමිණෙනවා නම් පැමිණෙන්නේ ගුවන්තොටුපොළකින් හෝ වරායකින්. ඒ නිසා විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින් අතරින් රෝගීන් හඳුනාගැනීම, ප්‍රතිකාර අවසන් වනතුරු ඔවුන්ව මනාව වෙන්කර තැබීම ඉතාම අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නියමිත පරිදි අනුගමනය කරන්න කියලයි.”

More from GossipMore posts in Gossip »