Press "Enter" to skip to content

බලු සුරතලෙක් නිසා හෙදියගේ පපුවට වෙඩි

මඩකලපුව ශික්‍ෂණ රෝහලට අනුයුක්තව සේවය කල හෙද නිලධාරිනියකට යම් පුද්ගලයකු වායු රයිෆලයකින් වෙඩි තැබීම නිසා ඇය තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මඩකළපුව මූලස්ථාන පොලිසිය පවසයි.

පෙරේදා රාත්‍රීයේ මෙම වෙඩි තැබිම සිදුවී ඇති අතර වෙඩි තැබූ පුද්ගලයා අතඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්‍ෂණ පවත්වාගෙන යයි. මෙසේ වෙඩි වැදී තුවාල ලබා මඩකළපුව ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නෙ එම රෝහලේ සේවය කරන නඩරාජා රාධා (55) හැවිරිදි හෙද නිලධාරිනියකි.

මෙම හෙද නිලධාරිනිය ඊයේ දින ශල්‍යකර්මයකට ලක් කිරිමට නියමිතව සිටි බව රෝහලේ වෛද්‍යවරයෙක් පවසයි.

මඩකළපුව පොලිස් වසමට අයත් තාණ්ඩන්වේලි,කන්නගි අම්මාන් කෝවිල පාරේ නිවසක මෙම හෙද නිලධාරිනිය පදිංචිවි සිටි අතර ඇයගේ නිවසේ සුරතලයට ඇති දැඩි කරන සුනඛයා නිතර සැකකරුගේ ගෙවත්තට යෑම නිසා කෝපයට පත් සැකකරු මෙම වෙඩි තැබීම සිදුවි ඇති බවට තොරතුරු ලැබී ඇතැයි

මඩකළපුව මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පවසයි. පෙරේදා රාත්‍රියේ මෙම සුනඛයා ගෙවත්තට පැමිණි අවස්ථාවේ සුනඛයා ඉලක්ක කර සැකකාර පුද්ගලයා වායු රයිෆලයකින් වෙඩි තබා ඇති අතර එම වෙඩි පහර ඇගේ නිවසේ අල්මාරියක කණ්ණාඩියට වැදී ඇත.

ඒ අවස්ථාවේ දී මෙවැන්නක් කළේ කවුදැයි කියා බැලීමට ඇය දොර විවෘත කර නිවසින් එළියට පැමිණ ඇත බව පොලිස් නිලධාරියා පවසයි. සැකකරු වායු රයිෆලයෙන් තවත් වෙඩිල්ලක් තබා තිබේ එය හෙද නිලධාරිනියගේ පපු පෙදෙසට වැදී තුවාල සිදු වී ඇති බව පොලිසිය පවසයි.

මඩකළපුව මූලස්ථාන පොලිස් නිලධාරින් කණ්ඩායමක් වෙඩි තැබීම සිදු කළ බව කියන පුද්ගලයා අතඩංගුවට ගැනීමට ගිය බවද එම අවස්ථාවේ දී ඔහු නිවසින් පළා ගොස් ඇති බව පොලිසිය පවසයි. වෙඩි තැබීමට ගත් බවට සැලකෙන වායු රයිෆලය නිවසේ සගවා තිබිය දී පොලිසිය සොයාගෙන ඇත

More from GossipMore posts in Gossip »

Be First to Comment

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *